මිටියාගොඩ ඉන්ධන පිරවුම්හල අසලදි තියුණු ආයුධවලින් කපාකොට පුද්ගලයකු ඝාතනය කොට ඔහුගේ අතේ මැණික්කටුවට පහලින් කොටස මිටියාගොඩ මංසන්දියට ගෙනවිත් දමා ඇති බව මිටියාගොඩ පොලිසිය පවසයි.
ඊයේ (25) පස්වරු 6.45ට පමණ මෙම ඝාතනය වි ඇත. මෙසේ ඝාතනය කොට ඇත්තේ එරණවිල මිටියාගොඩ පදිංචි තරිදු නිශාන් ගුණසේකර (24) නැමති අයෙකි.
මොහු නිවසේ සිට මිටියාගොඩ බටපොළ මාර්ගයේ ඉන්ධන පිරවුම්හල අසල පිහිටි රුපලාවන්යගාරයක් වෙත පැමින ඇත. එහිදි මෙහි සිටි පිරිසක් අතර ඇතිවු බහින්බස්විමක් දුරදිග ගොස් මෙකි පුද්ගලයාට තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කොට ඇති බව පොලිසිය පවසයි. නාදුනන සිව් දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙකි පුද්ගලයාට තියුණු ආයුධවලින් පහරදි ඇති බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
ඝාතකයින් විසින් මෙකි පුද්ගලයාගේ එක් අතක මැණික් කටුව අසලින් කපා එම කොටස ඉන්ධන පිරවුම්හල අසල සිට මිටර් 200ක පමණ දුරකින් ගෙනවිත් දමා ඇති බවද පොලිසිය පවසයි. දෙපාර්ශවයක් අතර කලක පටන් ඇති ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය වි ඇති බව පරික්ෂණවලදි අනාවරනය වි ඇත.
මියගිය පුද්ගලයාගේ මෘත දේහය බලපිටිය මෘත ශරිරාගාරයේ තැන්පත්කොට ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය හා මහේස්ත්රාත් පරික්ෂණය අද (26) පැවැත්විමට නියමිතව ඇත.