තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය හෙට (03) සිට උදේවරුව වෙළෙන්දන්ටත් සවස් වරුව ගොවීන්ටත් වශයෙන් විවෘත කිරීමට එහි වෙළඳ සංගමය අද තීරණය කළේය.
අද දිනයේත් සිය ආර්ථික මධ්‍යස්ථානය වසා ඇති බව තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති සුනිල් සෙනෙවිරත්න මහතා පැවැසීය.
එම මධ්‍යස්ථානය වසාදැමීමට හේතුව ගොවින් හා වෙළෙන්දන් අධික පිරිසක් එකවර ඇතුලවීම නිසා සෞඛ්යාරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීමේ අසීරුවයි.
හෙට දිනයේ තඹුත්තේගම ප්‍රදේශයේ ගොවීන් එක්ව එහි විෂබීජානුහරණ ශ්‍රමදානයක් දියත්කිරීමට නියමිත ය.
අනිද්දා දිනයේ එය විවෘත කිරීමෙන් අනතුරුව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා තමන්ට නියමිත කාලය තුළ පැමිණෙන ලෙස සෙනවිරත්න මහතා සැපයුම්කරුවන්ගේ හා සෙසු ගණුදෙනුකරුවන්ගෙන් ඉල්ලා සිටි.
රඹෑව-මනුල වික්‍රම