අවුරුදු 12කුත් මාස 05ක් වියැති තම බාලවයස්කාර දියණිය දුෂණය කිරිම සම්බන්දයෙන් සැකකාර පියා අත්අඩංගුවට ගත් බව පොද්දල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 42 හැවිරිදි වියේ පසුවන පොද්දල වල්පිටවත්ත අදුරත්විල ප්‍රදේශයේ පදිංචි සිව් දරු පියෙකි. සැකකාර පියා විසින් පසුගිය දෙසැම්බර් මාසයේ සිට වරින් වර මෙකි දැරිවිය දුෂණය කොට ඇති බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි ඇත. මේ පිළිබද පොලිසියට දැනුම් දුනහොත් මරා දමන බවට දැරිවියගේ මවට මිත්තනියට සැකකරු තර්ජනය කොට ඇති බවද පොලිසිය පවසයි.
අසල්වැසියකු විසින් පොලිසියට කරණු ලැබු දැනුම් දිමකට අනුව දැරිය පොලිසියට ගෙන්වා ප්‍රශ්න කොට ඇත.එහිදි සැකකාර පියා විසින් දැරිය දුෂණයට ලක්කොට ඇති බව අනාවරණය වි ඇත. දැරිවිය අධිකරණ වෛද්‍ය පරික්ෂණයකටද යොමුකොට ඇත. සැකකාර පියා අද (02) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.