දික්වැල්ල වැලිහිටිය ප්රදේශයේදි ඊයේ (14) සවස පස් කන්දකට යටවීමෙන් පුද්ගලයකු මියගිය බව දික්වැල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ දෙවිනුවර කන්දපාර විජේතුංග මාවතේ පදිංචි සුරේෂ් චමින්ද නැමති 36 හැවිරිදි තිදරු පියෙකි .
නිවසක මායිමේ පිහිටි අඩි 14 ක් පමණ උස පස් කන්ද කඩා වැටීම වැලැක්වීමට කොන්ක්රීට් බැම්මක් සකස් කිරීම සඳහා බැකෝ යන්ත්රයක් යොදාගෙන සකස්කල බේස් වලකට බැස මියගිය තැනැත්තා සිටගෙන වලේ ඉතිරිව තිබු පස් ඉවත්කරමින් සිටියදි ඉහළින් තිබු පස් කන්ද කඩාවැටී එයට යටවිමෙන් මෙම මරණය සිදුවි ඇති බව පොලීසිය වැඩිදුරටත් කියයි .
පසුගියදා ඇඳහැළුනු මහ වැස්සත් සමඟ මෙම කන්ද ආවරණයට තිබු ගල් බැම්ම කඩාවැටීම නිසා වඩා ශක්තිමත්ව මෙම
කොන්ක්රීට් බැම්ම ඉදිකිරීමට නිවෙස් හිමියා කටයුතු කර ඇත .
මෙම තැනැත්තා පස්වලට යටවීමත් සමඟ එහි සිටි පුද්ගලයින් පස් අතින් ඉවත්කර ඔහුගේ හිස පාදාගෙන තිබේ . ඒ සමඟම බැකෝ යන්ත්රයක් අධාරයෙන් පස් ඉවත්කර තුවාලකරු දික්වැල්ල රජයේ රෝහලට රැගෙන ගියද ඒ වනවිටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි
මළසිරුර , පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මාතර රෝහලේ මෘතශරීරාගාරය වෙත රාත්රීයේම රැගෙන යන ලදි .