නිකවැරටිය නගරයේ තෙමහල් ගොඩනැගිල්ලක අයිතිය වෙනුවෙන් එහි වහලයට නැගි වෛද්‍යවරයා වහලයෙන් ඇද වැටී අනතුරට ලක්ව අද 09 පස්වරුවේ රෝහල් ගතකර ඇති බව පොලීසිය පැවසීය.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වරයෙකි.
අනතුරින් පසු වෛද්‍ය වරයා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවද පොලිසිය සඳහන් කළේය. මෙම තෙමහල් ගොඩනැගිල්ලේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ පක්ෂ කාර්යාලයද පවතින බැවින් ,වෛද්‍ය වරයාට ඉවත් වන ලෙස පොලීසිය දැන්වූ අවස්ථාවේ, ඉන් ඉවත් වීමට යාමේදී වෛද් වරයා වහලයෙන් වැටී තිබේ.
වෛද්‍යවරයාට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබා දීමට පියවර ගත් බවත් ,වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට මාරු කර යැවීමට නියමිත බවද රෝහල් වෛද්‍යවරුන් පැවසීය.
නිකවැරටිය ප්‍රියානි මංගලිකා