කොවිඩ් 19 හේතුකොට ගෙන තමිල්නාඩුවේ සිරවී සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව මව්රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා ප්‍රකාශ කර සිටී.
එසේ ලංකාවට පැමිණීමට කැමති පුද්ගලයන් පිළිබද සියලු විස්තර තමා වෙත ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටී.
නොයොකුත් අවශ්‍යතාවන් හා වුවමනා නිසා ඉන්දියාවට විශේෂයෙන් තමිල්නාඩුවට ගොස් ආපසු පැමිණීමට නොහැකිව සිටින ලාංකිකයින් 1500ක් තමිල්නාඩුවේ සිර වී සිටින බවද මේ පිළිබදව තමා විසින් අවශ්‍ය පාර්ශවයන් දැනුවත් කර ඇති බවද ප්‍රකාශ කරන ලදි.
හදිසි කාරණා නිසා කෙටි කාල සංචාර වලට ගොස් මවු රටට පැමිණීමට නොහැකි වී දීර්ඝකාලීනව මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් තමා දැනුවත් වී සිටින හෙයින් එම ගැටළු වලින් පීඩාවිදින ලාංකිකක ජනතාව මුදා ගැනීම තම වගකීමක් බවද අමාත්‍යවරයා පවසා සිටී.
තවද මේ පිළිබදව ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමන් සමග සාකච්ඡා කොට මෙම ප්‍රජාව ආරක්ෂිතව ලංකාවට ගෙන ඒමට කටයුතු කරන බවත් එසේ ලංකාවට පැමිණීමට කැමති අය 0760885167, 0769122831,හා +0919003067621 යන දුරකථන අංක වලට අමතා තමන්ගේ විස්තරයන් ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටී.