නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද අද දිනයේද දිවයිනේ සියලු තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘතව පවතිනවා.
වකුගඩු දීමනා ,වැඩිහිටි දීමනා මෙන්ම මහජන ආධාර ගෙවීම මෙමඟින් සිදු කෙරෙන අතර කොළඹ දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාලවලට සැලකිය යුතු පිරිසක් පැමිණේ.
උතුරු – නැගෙනහිර ඇතුලු දිවයිනේ සෙසු පළාත්වල ද වැඩිහිටි දීමනා ඇතුලු අනෙකුත් දීමනා ලබා ගැනීම සඳහා තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල වෙත ජනතාව පැමිණ සිටි අතර නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් එම දීමනා ලබාදීමටයි පියවර ගෙන තිබුණේ.
ආධාර මුදල් හිමිකම් කාඩ් පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස සැලකෙයි.