ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තැපැල් ඡන්දය භාවිත කිරීමට අපේක්ෂා කරන රාජ්‍ය නිලධාරීන් ඊට අදාළ තොරතුරු සූදානම් කරගන්නා ලෙස මැතිවරණ කොමිසම ඉල්ලා සිටී.
තැපැල් ඡන්දය භාවිතා කිරීමට අදාළව අයදුම්පත් සම්පූර්ණ කිරීමට පරිපාලන දිස්ත්‍රික්කයේ නම්, ඡන්ද ප්‍ර‘දේශයේ නම, ඡන්ද කොට්ඨාස අංකය, වීදියේ හෝ ගමේ නම, ඡන්ද හිමියාගේ සම්පූර්ණ නම, නමට අදාළ අනුක්‍රමික අංකය, ජාතික හැඳුනුම්පත් අංකය, අවශ්‍ය වන බවද එම කොමිසම පෙන්වා දේ.
2019 ඡන්ද හිමි නාමලේඛනයට අදාළ තොරතුරු ප්‍ර‘දේශයේ ග්‍රාම නිලධාරීවරයාගෙන් හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවද එම කොමිෂන් සභාව සඳහන් කරයි.
මෙම තොරතුරු ළඟ තබාගැනීම තුළින් තැපැල් ඡන්දය භාවිත කිරීමට නියමිත රාජ්‍ය සේවකයන්ට තැපැල් ඡන්ද අයදුම් කිරීම කඩිනමින් සිදුකළ හැකි බවද කොමිසම පෙන්වා දේ.