හෙට (03) සිට දිවයිනේ තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කිරීමට සැලසුම්කර ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ජුනි මාසයට අදාළ මහජන ගෙවීම්, ඖෂධ බෙදාහැරීම් ඇතුළු සීමිත රාජකාරි සඳහා තැපැල් කාර්යාල එලෙස විවෘත කෙරෙන බව නිවේදනයක් නිකුත්කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කර සිටියි.