අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් (10)දින දිවයින පුරා පැවැත්වු විදුහල්පති තුන්වන ශ්‍රේණියේ විභාගයට නුවරඑළිය ගුඩිෂෙඩ් විදුහලේ විභාග ශලාවේ පෙනි සිටි ගුරු අයදුම්කරුවන්ට ප්‍රශ්න පත්‍රය මාරු කර දිම හේතුවෙන් දැඩි ආසාධාරණයක් සිදු වි ඇති බව ශ්‍රි ලංකා අධ්‍යාපන සමාජ සම්මේලනයේ මහලේකම් සංකර් මණිවන්නන් මහතා පවසයි.
එම විභාග ශාලාවේ පැවති විභාගයට නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අයදුම්කරුවන් 150කට ආසන්න පිරිසක් සහභාගි වි සිටි බවත්,විභාග දෙපාර්තමේන්තුව මගින් විභාගයක් පැවැත් විමේදි අනුගමනය කළ යුතු ක්‍රමවේදයට පටහැණිව ක්‍රියාකරමින් ශාලාධිපතිවරයා විසින් තුන්වන ප්‍රශ්න පත්‍රය පළමුව ලබාදිම නිසා මෙම ආසාධාරණය සිදු වි ඇති බවයි සංකර් මණිවන්නන් මහතා කියා සිටින්නේ.
තුන්වන ප්‍රශ්න පත්‍රය පළමුවෙන් ලබාදිම සම්බන්ධයෙන් විභාග අයදුම්කරුවන් සිය විරෝධය එම අවස්ථාවේ දැක්වුවද එයට නිසි ප්‍රතිචාර නොදක්වා විභාග ශාලාධිපති විසින් සැම ප්‍රශ්න පත්රයකට උත්තර ලිවිමෙන් අනතුරුව ලබාදෙන කෙටි විවේක කාලයේදි විභාග ශාලාවෙන් පිටතට යාමට අයදුම්කරුවන්ට තහනම් කිරිම නිසා මෙම ආසාධාරණය සිදු වි ඇති බවත්, ඒ තුලින් අයදුම්කරුවන්ගේ මානසිකත්වයට දැඩි පිඩාවක් සිදු වි ඇති බවයි සංකර් මණිවන්නන් මහතා පෙන්වා දෙන්නේ.
(10) දින පැවති විභාගයට පළමු ප්‍රශ්න පත්‍රයට අවබෝධයත්, දෙවන ප්‍රශ්න පත්‍රයට සිද්ධි අධ්‍යයනයත්, තුන්වන ප්‍රශ්න පත්‍රයට සමාජ දැනිම සහ බුද්ධි පරික්ෂණය වශයෙන් ලබා දිය යුතුව ඇතත් විභාග ශාලාධිපතිවරයා විසින් තුන්වන ප්‍රශ්න පත්‍රය පළමුව ලබාදිම හේතුවෙන් මෙම ගැටලුව මතු වි ඇති බවයි මහලේකම් වරයා කියා සිටින්නේ.
විභාගයට පෙනි සිටි ගුරු අයදුම්කරුවන්ට සිදු වු අසාධාරණය සම්බන්ධයෙන් විභාග කොමසාරිස්වරයා දැනුවත් කල බවත්, ගුරුවරුන්ට සිදු වු අසාධාරණයට විභාගයට පෙනි සිටි අයදුම්කරුවන්ට යම් ලකුණු මට්ටමක් ලබාදිය යුතු බවත්, ශාලාධිපතිට නිසි විනය ක්‍රියා මාර්ගයක් ගත යුතු බවත් සංකර් මණිවන්නන් මහතා කියා සිටි.