පොළොන්නරුව පුලස්තිගම, ගල් කැටිදමන ප්‍රදේශයේ පුද්ගලයෙකු රසායනික ද්‍රව්‍ය තිබු බැරලයක් කැපීමට යාමේදී එය පුපුරා විසිවි යාම හේතුවෙන් තම දස හැවිරිදි පුතා ජිවිතක්ෂයට පත්ව ඇතැයි පුලස්තිපුර පොලීසිය පවසයි.
නිවසේ වැඩ කටයුත්තක් සඳහා ඊයේ 24 දා රාත්‍රී 7.30 ට පමණ බැරලය යාන්ත්‍රික කියතකින් කපා ඇති අතර එහි ඇතැයි කියන රසායනික ද්‍රව්‍ය ප්‍රසාරණය වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සැක පල කරය
මිය ගොස් ඇත්තේ අංක 50 ගල් කැටි දමන පුලස්තිගම ප්‍රදේශයේ පදිංචිව සිටි අරණායක ගෙදර සදෙවූ නිම්සර නමැති දරුවෙකුය.
අනතුරට ලක්වීමෙන් අනතුරුව දරුවා පොළොන්නරුව මහා රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව දරුවා මිය ගොස් තිබේ.
මේ අතර අසල සිටි මිය ගිය දරුවාගේ වැඩිමහල් 16 හැවිරිදි සහෝදරියගේ ද පාදයටද බරපතළ හානි සිදුව ඇති අතර ඇයද රෝහලේ ප්‍රතිකාර ලබයි.
පුලස්තිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.