තද වැසි පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
අද දිනයේදී දිවයින පුරා විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 150ක් දක්වා තද වැසි අපේක්ෂා කරන බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.