ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාට හා ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස් දේවානන්දා මහතාට නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යධුර හිමිව තිබේ.
ඒ අනුව ඩග්ලස් දේවානන්ද - නැවත පදිංචි කිරීම, පුනරුත්තාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙසත් ආරුමුගම් තොණ්ඩමන් මහතා උඩරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.