තොග වෙළෙඳාම සඳහා පමණක් දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන අද දිනයේත් විවෘතව තැබෙනවා.
පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ අද දිනයේත් විවෘතව පවතිනවා.
එළවළු තොග විශාල ප්‍රමාණයක් ලැබී තිබුණද පාරිභෝගිකයින්ගේ අඩුවක් පැවති බවයි ව්‍යාපාරිකයින් ප්‍රකාශ කළේ.
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයද විවෘතව පැවතියද පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය තොග වෙළඳ සඳහා අද අලුයම 4ටපමණ විවෘත කිරිමත් සමඟ එළවළු තොග විශාල වශයෙන් ලැබෙමින් පවතින බව ව්‍යාපාරිකයින් පවසයි.
කැප්පෙටිපොළ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයද තොග වෙළෙඳාම සඳහා අද දිනයේත් විවෘතව පවතිනවා.