දික්කුඹුර ප්රදේශයේ පාසලක සිසුවියක් විසින් රැගෙන එනු ලැබු සුවද විලවුන් බෝතලයක් විවෘත කිරිමේ දි සිහිසුන්විමේ තත්ත්වයක් ඇති විමෙන් පාසල් සිසුවියන් තිදෙනෙකු හා සිසුවෙකු ගෙන්නගහහේන රෝහලට අද (31) පෙරවරුවේ ඇතුලත් කොට ඇති බැව් ඉමදුව පොලීසිය පවසයි.
මෙකි පාසලේ ඉගෙනුම ලබන අට වසරේ සිසුවියක් විසින් මෙකි සුවඳවිලවුන් බෝතලය රැගෙන විත් ඇත. ඇයට මෙය යහළුවකු විසින් ලබා දි ඇති බව අනාවරණය වි ඇත.
මෙකි සුවඳ විලවුන් බෝතලය විවෘත කිරිමේ දි සුවඳ විලවුන් ආග්රහණය විමෙන් ක්ලාන්ත විමේ තත්ත්වයක් සිසුවියන් තිදෙනෙකුට හා සිසුවකුට ඇතිවි තිබේ.
මොවුන්ගේ තත්ත්වය බරපතල නොවන අතර ඔවුන් රොහලින් අද දිනය තුළදිම නිදහස් කරණු ඇති බැව් ඉමදුව පොලීසිය පවසයි.