මාතර, දෙණියාය ප්‍රදේශයේ සෙල්ව කන්ද වතුයායේ නිවාස 50ක් සඳහා මුල් ගල් තැබීමේ උත්සවයකට අද දින (10) එක් වු අවස්ථාවකදි ඔහු මේ බව පැවසිය.
කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
වරාය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ඉල්ලීමක් මත ඉන්දියානු ආධාර මත ඉදිකෙරන මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා මුල් ගල් තැබීම සිදුවිය.
මෙහිදී අදහස් දැක්වූ වරාය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේ තිගාම්බරම් අමාත්‍යවරයා වතුකරයේ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වු වතු ජනතාව වෙනුවෙන් කථාකරන, සටන් කරන අවංක අමාත්‍යවරයෙක් බවත් මෙම නිවාස ව්‍යාපෘති කඳුකරයට පමණක් සීමා නොකර දකුණේ වතු ජනතාවටත් ලබා දීම ගැන තමාගේ කෘතඥතාව පිරිනමන බවත්ය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා සඳහන් කළේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එජාප රජය වතුප්‍රජාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවී වැඩ කටයුතු කරන බවත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට සූදානම් බවත් ඔහු පැවසිය.