බිබිල මැදගම අළුත්වෙල පැන්පාත ගම්මානයේ අනවසරින් කැපු බව කියන තේක්ක ගස් 138ක දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බව පෙලිසිය කියයි.
අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නිවස ඉදිකිරීම සදහා ගස් දහයක් කැපීමට බලපත්ර ගෙන ඒ වෙනුවට ගස් 138ක් කපා ප්රවාහනය කිරීමට සුදානම් කර තිබියදි අත් අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා බිබිල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මොණරාගල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඒ.පී පෙරේරා මහතාගේ උපදෙස් මත නිළධාරීන් වැටලීම සිදු කර තිබේ.
ලුණුගල ප්රසන්න පත්මසිරි