ණය කාඩ්පත් මත උපරිම පොලී අනුපාතය වාර්ෂිකව සියයට 18 ක් දක්වා සීමා කිරීමට ශ්‍රී ලංකා මහ බැකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
ඊයේ රැස්වූ මුදල් මණ්ඩලයේදී පෙර ගිවිසගෙන ඇති තාවකාලික බැංකු අයිරා මත උපරිම පොලී අනුපාතිකය සියයට 16ක් දක්වාත් අඩු කර තිබේ.
මීට අමතරව උකස් පහසුකම් මත උපරිම පොලී අනුපාතිකය වාර්ෂිකව සියයට 10ක් දක්වා අඩු කර තිබේ.
තවද දඩ පොලී අනුපාතය අදාළ ණය පහසුකම සඳහා අයකරනු ලබන සාමාන්‍ය පොලී අනුපාතයට වඩා ප්‍රතිශතාංක 2ක උපරිමයක් විය යුතු බවද මුදල් මණ්ඩලයේ අදහස වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.