ඩොලර් මිලියන 185ක් (රු.කෝටි 3,700ක් පමණ) වටිනා කොකේන් ටොන් 5.4ක් කොලොම්බියාවේ බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව එරට නාවික හමුදාව පවසයි.
පැනමා බලධාරීන් විසින් අනාවරණය කර ගැනීමෙන් පසුව අධිවේගී බෝට්ටුවකින් කොලොම්බියානු මුහුදට පළා ගොස් සිටියදී එරට වෙරළාරක්ෂක බලකායේ සාමාජිකයන් විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එහිදී වෙරළාරක්ෂක සාමාජිකයින් විසින් සැකකටයුතු යාත්‍රාවේ තිබී මත්ද්‍රව්‍ය පිරවූ ගෝනි 81ක් සහ තවත් ගෝනි 147ක් අවට වෙරළේ සඟවා තිබියදී සොයාගෙන ඇත.
"මෙම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගය එක්සත් ජනපදයේ හෝ යුරෝපයේ සිට පැමිණියේ නම්, නිසැකවම එයින් අදහස් වන්නේ එම රටවල වීදිවල මත්ද්‍රව්‍ය සුලභ බවයි. එය ලෝකයේ මහජන සෞඛ්‍යයට දැඩි තර්ජනයක් බව කිව යුතුයි" කොලොම්බියානු කැරීබියානු නාවික කාර්ය සාධක බලකායේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ජුවාන් රොසෝ ඕබ්රගන් පැවසීය.
එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය තොගය ක්ලැන් ඩෙල් ගොල්ෆෝ අපරාධ කල්ලියට අයත් බව බලධාරීන් අනාවරණය කරගෙන තිබේ. කොලොම්බියාවේ වඩාත්ම අවශ්‍ය මත්ද්‍රව්‍ය ජාවාරම් සැකකරු වන ඔටෝනියෙල් ලෙස හැඳින්වෙන ඩයිරෝ ඇන්ටෝනියෝ උසුගා විසින් මෙම කණ්ඩායම මෙහෙයවනු ලැබේ.