වෙඩි ප්රහාර එල්ල වීම හේතුවෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි සමාජ ක්රියාකාරිකයෙක් වන ඩෑන් ප්රියසාද් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ රාත්රී මෙම වෙඩි තැබීම සිදුව තිබුණ අතර එහිදී පොලීසිය මුලින්ම සඳහන් කළේ මෙම වෙඩි තැබීමෙන් ඩෑන් ප්රියසාද් ජීවිතක්ෂයට පත්වූ බවයි. කෙසේ වෙතත් ඉන් විනාඩි කිහිපයකට පසුව පොලීසිය නැවත වරක් ප්රකාශ කළේ ඩෑන් ප්රියසාද් ජීවිතක්ෂයට පත්නොවූ බවත් ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබන බවත්ය.
කෙසේ වෙතත් අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ. වැල්ලම්පිටිය ලක්සඳ නිවාස සංකීර්ණයේ පැවැති සාදයක් අතරතුළදී ඔහු මෙම වෙඩි ප්රහාරයට ලක්විය.
මෙවර කොලොන්නාව නගර සභාව වෙනුවෙන් ඔහු ශ්රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කළේය.