කොලොන්නාව නගර සභාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරග කරන ඩෑන් ප්‍රියසාද් වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ සිදුවූ වෙඩි තැබීමකින් ඔහු මෙසේ බරපතල තුවාල ලබා තිබේ.
සාදයක් අතරතුරදී එම ස්ථානයට පැමිණ පුද්ගලයෙක් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.්සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඩෑන් ප්‍රියසාද් සමාජයේ ආන්දෝලනාත්මක චරිතයක් විය. පිස්තෝල අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඒ මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා ප්‍රකාශ කළේය.