පොලිස් යතුරුපැදියකින් යමින් සිටි බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා බම්බලපිටියේ දී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් තුවාල ලබා රෝහල් ගත කළ බව බම්බලපිටිය පොලීසිය පවසයි.
මෙලෙස බරපතළ තුවාල ලබා ඇත්තේ පොලිස් පරීක්ෂක සරත්චන්ද්‍ර මහතාය.
අනතුර සිදුකළ ඩිෆෙන්ඩර් රථය නොනවත්වා පළාගොස් ඇති අතර එය සොයා මේ වන විට සෝදිසි මෙහෙයුම් දියත් කර ඇත.