1980 දශකයේ රූපවාහිනියේ වඩාත් ජනප්රිය කතාමාලාවක් වූ 'නයිට් රයිඩර්' හි ප්රධාන චරිතය ලෙස රංගනයෙන් දායක වූ ඩේවිඩ් හැසල්හෝෆ් සිය පෞද්ගලික K.I.T.T (නයිට් රයිඩර් රථය) හෙවත් ජෙනරල් මෝටර්ස් හි Pontiac Firebird Trans Am මෝටර් රථය වෙන්දේසි කිරීමට යයි.
මෙම වාහනය රූපවාහිනී කතාමාලාවට යොදාගත් K.I.T.T (නයිට් රයිඩර්) රථයට වඩාත් සමාන වන නමුත්, එය කතා මාලාවටම යොදාගත් මෝටර් රථය නොවන අතර, මෙම රථයට කතා කිරීමටද නොහැකි බව වෙන්දේසිකරුවන් කියයි.
තවමත් සම්පූර්ණ ධාවන තත්ත්වයේ පවතින කළු වර්ණයෙන් යුතු මෙම රථය සඳහා ලබාදී ඇති වර්තමාන ලංසුව ඇ.ඩොලර් 500,000 කට ආසන්න වෙයි. එය කලින් පුරෝකථනය කර තිබූ ඇස්තමේන්තුගත ඩොලර් 175,000 සිට 300,000 දක්වා අගය ඉක්මවා යැමකි. අමතර ප්රසාද දීමනාවක් ලෙස ජයග්රාහී ලංසුව නියම කළ මිලට වඩා 25%ක් වැඩි නම්, 68 හැවිරිදි ඩේවිඩ් හැස්ල්හෝෆ් පෞද්ගලිකවම මෝටර් රථය නව හිමිකරුට භාර දෙනු ඇත.
මෝටර් රථය ඔබේ මිල පරාසයෙන් බැහැර නම්, වෙන්දේසිය සඳහාද හැසෙල්හෝෆ් විසින් අත්සන් යොදන ලද රථයේ පුංචි අනුවාදයක්ද එක්වෙයි. එය දැනට ඇ.ඩොලර් 1,000කට වෙන්දේසියට ඉදිරිපත් කර තිබේ. මෙම වෙන්දේසිය හැසල්හෝෆ්ගේ මතක සටහන් වෙන්දේසියක කොටසක් වන අතර, එයට ඇඳුම් ආයිත්තම් කට්ටල, සම්මාන, පිටපත්, සෙල්ලම් බඩු සහ ඔහුගේ රංගන දිවියේ ඡායාරූපද ඇතුළත් වේ. වෙන්දේසිය ජනවාරි 23දායින් අවසන් වෙයි.