මෙවර මහමැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැදිමට බලාපොරොත්තුවෙන් සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන තිලකරත්න දිල්ෂාන්, සිනමා නළුවකු වන අර්ජුන් කමලනාත් හා එ.ජ.නි.සන්ධනයේ ගාල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන්ට නාම යෝජනා ලැබි නැත.
හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් මහ මැතිවරණයේ දි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කය සදහා තරගවදින බව මාධ්‍ය හමවුක් පවත්වා ප්‍රකාශයට පත්කොට තිබුණි එමෙන්ම සිනාම නළු අර්ජුන් කමලනාත් මහතාද ජාතින නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මහතාගේ ආරාධනයෙන් මෙවර මහමැතිවරණයේ දි ගාල්ල දිස්ත්‍රික්කය සදහා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින බව සදහන් කළේය. තිලකරත්න දිල්ෂාන් හා අර්ජුන කමලනාත් යන මහත්වරු දෙදෙනා ඉදිරි මහමැතිවරණය ඉලක්කකොට ගෙන ගාල්ල දිස්ත්‍රික්කය තුල මැතිවරණ ප්රචාරක කටයුතු ද ආරම්භකොට තිබුණි.
බද්දේගම ආසනයේ ශ්‍රි.ල.නි.පක්ෂයේ ආසන සංවිධායක එ.ජ.නි. සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිශාන්ත මුතුහෙට්ටිගම මහතාටද නාම යෝජනා හිමිවි නැත. නිශාන්ත මුතුහෙට්ටිගම හිටපු මන්ත්‍රිවරයා ද ඉදිරි මහමැතිවරණය ඉලක්කකරගෙන පක්ෂ ක්‍රියාකාරින් හමුවෙමින් මැතිවරණ ප්රචාරක කටයුතු ආරම්භකොට තිබුණි.. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මගින් අද (17) ගාල්ල දිස්ත්‍රික්කය සදහා නාම යෝජනා භාරදෙනු ලැබිය.එම නාම යෝජනා ලැයිස්තුවේ මෙවුන් තිදෙනාගේ නම් සදහන් ව නොතිබුණි.