මැතිවරණ වර්ෂයේ වියදම් කිරීමට මුදල් නොමැතිවීම හේතුවෙන් ආණ්ඩුව විසින් ඩොලර් බිලියන දෙකක බැඳුම්කරයක් නැවත නිකුත් කිරීමට සූදානම් වන්නේයැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී අද (21දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පවසා සිටි ඒ මහතා ආණ්ඩුව හා සේනා දළඹුවා යන පාර්ශ්ව දෙකෙහිම එකම ගති ලක්ෂණ ඇති බවත් විටෙක හිස ඔසවමින් විටෙක හිස පහත හෙළමින් සමාන ගමනක දෙපාර්ශ්වයම නිරත වන බවත් කීය.