ජාත්‍යන්තර වෙළෙඳ පොළ තුළ ඩොලරයේ වටිනාකම ඉහළ යාම සමග මතුව ඇති ආර්ථීක අභියෝගයට මුහුණදීම සඳහා ශ්‍රී ලංකාව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජාතික ආර්ථික සභාව පුළුල් වශයෙන් සාකච්ඡා කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජාතික ආර්ථික සභාව රැස්ව තිබුණි.
අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රාජිත සේනාරත්න, ආචාර්ය සරත් අමුණුගම, දුමින්ද දිසානායක,මහින්ද අමරවීර, මහින්ද සමරසිංහ, මලික් සමරවික්‍රම යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථීක සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ශ්‍රී ලංකා මහා බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරින් මීට එක්ව සිටි අතර, දේශීය කර්මාන්තකරුවන් සහ ව්‍යාපාරිකයන්ද මෙවර ජාතික ආර්ථීක සභාවට කැඳවා තිබුණි.