ඩොලරයට සාපේක්ෂව වාර්තා ගත ලෙස කඩා වැටෙමින් තිබෙන රුපියල අද දිනයේදී ශ්රී ලංකා ඉතිහාසයේ අවම අගය වාර්තා කළේය. ඒ ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 171.4279ක් ලෙස සටහන් වෙමිනි.
ශ්රි ලංකා මහ බැංකුව අද නිකුත් කළ නවතම විනිමය අනුපාතවල මෙම අගයන් සටහන් විය. එසේම එහි ගැණුම් මිලත් ඉතිහාසයේ ඉහළම අගය සටහන්වූයේ රුපියල් 167.5521ක් ලෙසිනි.