ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති තුනක් හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.
SA 222V, SA 701S සහ SA 1078S යන ජාන කේතයන්ගේ වෙනසක් මෙරට ඩෙල්ටා ප්‍රභේදය තුළින් දැකිය හැකි බවත් මීට පෙර පැවති ප්රභේදයන්ට වඩා ඩෙල්ටා ප්‍රභේදය සියයට 60 - 70ත් අතර වේගයකින් පැතිර යන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.