කොළඹ මේ වන විට පැතිර යමින් පවතින්නේ ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍ර භේදය බවත් එය සියයට 100ක් තරම් ඉහළ අගයක් ගෙන ඇති බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කරයි.
එසේම මේ වන විට ඩෙල්ටා ප්‍ර භේදය රටේ පිට පළාත්වලට පැතිරීමට පටන්ගෙන ඇති බවත් ඔහු පැවැසීය.
කෙසේ වෙතත් මෙරට සිදුවන සාර්ථක එන්නත්කරණ ක්‍රියාවලිය හේතුවෙන් සැප්තැම්බර් මස අවසානය වන විට යම් සහනදායි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවද ඔහු පැවැසීය.