සති හයකට ආසන්න කාලයක් අගුලු දමා තිබියදීත් කොවිඩ්-19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරය තුළ තවදුරටත් පැතිරීම වර්ධනය වන නිසා හෙට (13දා) සිට දැනට පනවා ඇති නීති දැඩි කිරීමට සූදානම් වෙයි.
මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පොලීසිය විසින් නිවෙස් නිරෝධායන නියෝග ක්‍රියාත්මක කිරීමට සහාය වීම සඳහා අතිරේක හමුදා භටයන් 500 දෙනෙකු ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.
එහිදී බලධාරීන් පැවසුවේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ තුනක පදිංචිකරුවන් සඳහා සංචරණ සීමා දැඩි කර ඇති හෙයින් නගරයේ දරුණු ලෙස පීඩාවට පත් තදාසන්න ප්‍රදේශයන්හි නිරෝධායන කටයුතු සඳහා අතිරේක ආරක්ෂක භටයින් ඉක්මනින් කැඳවිය හැකි බවයි.
එසේම ඔස්ට්‍රේලියාවේ ජාතික කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිත අතර, වයස අවුරුදු 16ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ගෙන් 25%ක් පමණක් තවමත් සම්පූර්ණ එන්නත් මාත්‍රා ලබාගෙන ඇති පසුබිමක දැඩි ලෙස බෝවන ඩෙල්ටා ප්‍රභේදය සිඩ්නි හි පැතිර යාම නිසා එය රට පුරා කාන්දු වීමේ අවදානම ගැන සාකච්ඡා කිරීමට නියමිත බව කියැවේ.
මේ ආකාරයෙන් ඔස්ට්‍රේලියාවේ විශාලතම නගර දෙක වන සිඩ්නි සහ මෙල්බර්න් දැනටමත් දීර්ඝ අගුලු දැමීමක් යටතේ පවතින අතර, රටේ අගනුවර වන කැන්බරා හි පදිංචිකරුවන් වෙතද ලොක්ඩවුන් සීමා පනවා තිබේ.