ඇඳිරි නීතිය අඛණ්ඩව ක්රියාත්මක වන ප්රදේශවල මොබයිල් සම්බන්ධතාවන්ට ගෙවීම් කළ නොහැකි පාරිභෝගිකයන්ට සහාය වීමේ අරමුණින්, ඩයලොග් ආසිආටා සමාගම සියලූම මොබයිල් පාරිභෝගිකයන්ට DATA GB 1, D2D ඇමතුම් සඳහා විනාඩි 250ක්, D2D SMS 250 ක් ඇතුළත් දින 7ක විශේෂ සහනය තවදුරටත් ලබාදීමට පියවර ගෙන ඇත.
සියලුම මොබයිල් පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ගිණුමේ ශේෂය හෝ බිල්පත් අගයන් පිළිබඳව නොසලකා මෙම සේවාව සම්පූර්ණයෙන් නොමිලේ ලබාදීමට කටයුතු කර ඇත. කිසියම් පාරිභෝගිකයෙකු මෙම දීමනාව ලබාගෙන ඇත්නම් දින 7 ක් පුරාවට එය අත්විඳිය හැකි අතර, මෙය ලබා නොගත් පාරිභෝගිකයන්ට #006# wමතා ඇඳිරි නීති කාලසීමාව තුළදී මෙම දීමනාව ලබා ගත හැක.