එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සදහා ගොස් සිටියදී , එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් වී , යළි මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 249 දෙනෙකු අද දින අලුයම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
ශ්‍රී ලංකා රජය විසින් මේ ආකාරයට විදේශ ගත වී , යළි මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයන් කණ්ඩායම් වශයෙන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස මෙසේ ගෙන්වා ගෙන තිබුණි .
මෙම පිරිස අද දින අලුයම 5.25 ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1510 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස අතර වැඩි දෙනෙකු , එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෘහ සේවය සදහා ගොස් සිටි කාන්තාවන් සිටියහ .
මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , නීරෝධායන ක්‍රියාවලිය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් රජයේ නීරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබුණි.