කාර්තිවු පොලිස් වසමේදි නින්දවූර් සිට සමන්තුරය දක්වා ධාවනය වූ ට්රැක්ටර් රථයක් පෙරළීමෙන් අතුරුදන්ව සිටි සිසුන් සිව් දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයාගෙන ඇතැයි පොලීසිය කියයි.
පසුගිය 26 දා මෙම අනතුර සිදුව තිබුණ අතර සැඩපහරට ගසාගෙන ගිය ට්රැක්ටර් රථය පෙරළිමෙන් මෙම අනතුර සිදුව තිබුණි.
ඊයේ දිනයේදි මෘත ශරිර සොයාගත් සිසුන් සිවු දෙනා අවුරුදු 16 හා 15 යන වයස්හි පසුවන්නන් වෙයි. අතුරුදන්ව ඇති ඉතිරි සිසුන් සොයා පොලීසිය නාවික හමුදාව තවදුරටත් මෙහෙයුම් සිදු කරයි.