එක්සත් ජනපදය පදනම් කරගත් සමාජ මාධ්‍ය වේදිකාවක් වන ට්විටර් ජාලය අද (15දා) ග්‍රිනීච් වේලාවෙන් ප.ව. 9:30 ට පමණ බිඳ වැටුණු නමුත් මේ වනවිට සේවා නැවත යථාතත්ත්වයට පත්කර තිබේ.
ට්විටර් සේවා බිඳවැටීමක් සිදුවූ බව සමාජ මාධ්‍ය වේදිකාවේ ප්‍රකාශකයෙකු ප්‍රංශ පුවත් සේවය වෙත සනාථ කළ අතර, ප.ව.10.25 වනවිට හෙතෙම පවසා තිබුණේ සේවා යළි යථාතත්ත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවයි.
කෙසේ වෙතත් එම ප්‍රකාශයෙන් පැයක් ගතවීමට පෙර සේවා යළි යථාතත්ත්වයට පත්වූ බව ප්‍රංශ පුවත් සේවය පවසයි.
මෙය ට්විටර් ජාලයේ අභ්‍යන්තර පද්ධතියේ යම් ගැටලුමක් බවත්, සයිබර් ප්‍රහාරයක් හෝ අනවසර ඇතුළු වීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවත් එම සමාජ ජාලය, ට්විටර් පණිවුඩයකින්ම තහවුරු කර තිබේ.