ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සබඳතා කපා හරින බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු අදහසක් මේ අවස්ථාවේදී නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශකයෙකු සඳහන් කර තිබුණේ, "මේ අවස්ථාවේදී අපට ඉදිරිපත් කිරීමට කිසිදු අදහසක් නැහැ." යනුවෙනි.
මේ මස මුලදී ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට අවසාන නිවේදනයක් යවමින් කියා සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඉදිරි දින 30 තුළ විශාල වශයෙන් සැලකිය යුතු දියුණුවක් සඳහා කැප නොවන්නේ නම් ඒ සඳහා ලබාදෙන එක්සත් ජනපද අරමුදල් කපා හරින බවයි.
මේ අතර ඊයේ (29දා) ට්‍රම්ප් කියා සිටියේ, "ලෝක සෞඛ්‍ය සංවිධානය ඉල්ලා සිටි හා බෙහෙවින් අත්‍යවශ්‍ය වූ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට අපොහොසත්ව තිබෙනවා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය සමග ඇති අපගේ සම්බන්ධතාව නවතා දමා, එම අරමුදල් ලොව පුරා හදිසි ගෝලීය මහජන සෞඛ්‍ය අවශ්‍යතා සඳහා සුදුසුකම් ලබන වෙනත් රටවලට හරවා යැවිය යුතුයි." යනුවෙනි.