එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ්-19 වෛරසය සඳහා වූ ප්‍රතිකාර ක්‍රමය සම්පූර්ණ කර ඇති බවත්, ධවල මන්දිරයට ආපසු පැමිණිදා සිට ස්ථාවරව සිටින බවත් පවසන ට්‍රම්ප්ගේ වෛද්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, සෙනසුරාදා ඔහුට මහජන කටයුතු සඳහා නැවත පැමිණිය හැකිය.
වෛද්‍ය ෂෝන් කොන්ලි ධවල මන්දිරය විසින් නිකුත් කරන ලද වාර්තාවක කියා සිටියේ ජනාධිපතිවරයාගේ රෝග විනිශ්චය සඳහා දින 10ක් ඒ වනවිට සම්පූර්ණ වන බවත්, ට්‍රම්ප් ප්‍රතිකාර සඳහා ඉතා හොඳින් ප්‍රතිචාර දක්වා ඇති බවත්ය.
පසුගිය සිකුරාදා ට්‍රම්ප් රෝහල් ගත කරනු ලැබුවේ තමාට නව කොරෝනා වෛරසය වැලඳී ඇති බව ප්‍රකාශ කිරීමෙන් දිනකට පසුවය. නමුත් ඔහු සඳුදා නැවත ධවල මන්දිරයට පැමිණියේ වෛරසය ශරීරයේ තිබියදීමය.
"ආපසු නිවසට පැමිණිදා සිට, ඔහුගේ ශාරීරික පරීක්ෂණය ස්ථාවරව පැවතුණා. රෝගාබාධවල වර්ධනයක් පෙන්නුම් කිරීමට කිසිදු ඇඟවීමක් නොමැතිව සිටියා" යනුවෙන් කොන්ලි සඳහන් කර ඇත. "බ්‍රහස්පතින්දා රෝග විනිශ්චය කළ දින සිට සෙනසුරාදා වනවිට දින 10ක් සම්පූර්ණ වෙනවා. අප වෛද්‍ය කණ්ඩායම විසින් කරගෙන යනු ලබන රෝග නිර්ණයන්හි ගමන්මග පදනම් කරගෙන, ජනාධිපතිවරයා ඒ අවස්ථාවේ මහජන කටයුතුවලට ආරක්ෂිතව නැවත පැමිණෙනු ඇතැයි මා අපේක්ෂා කරනවා."
ධවල මන්දිරයට පමණක් සීමා වී සිටින ට්‍රම්ප්, තමාට බෝවන රෝගයක් ඇතැයි විශ්වාස නොකරන බවත්, මැතිවරණ රැලි නැවත ආරම්භ කිරීමට තරම් හොඳ හැඟීමක් ඇති බවත් බ්‍රහස්පතින්දා පැවසීය. එවැනි රැලි, විශේෂයෙන් ගෘහස්ථව පැවැත්වීමට ඔහු අදහස් කරගෙන සිටීම ගැන, වෛරසය පැතිරීම පාලනය සම්බන්ධයෙන් ක්‍රියාකරන මහජන සෞඛ්‍ය විශේෂඥයන්ගේ අවධානය යොමු වී තිබේ.
"මම අද රෑ රැලියක් කරන්න කැමතියි. මට ඊයේ රාත්‍රියේ එකක් කිරීමට අවශ්‍ය වුණා" යැයි පැවසූ ට්‍රම්ප් "මම රැලියකට සහභාගි වන්නේ නම්, මම සෑම කෙනෙකුටම වඩා බොහෝ දුරින් සිටිනවා" ට්‍රම්ප් ෆොක්ස් බිස්නස් වෙත අදහස් දක්වමින් පැවසීය.