නව කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට පත් රාජ්‍ය ලෙසින්ද, සිය ජනාධිපතිවරණය හෙට (03දා) දිනයේ පවත්වන ඇමෙරිකා එක්සත් ජනපදයේ මැතිවරණ උණුසුම පෙර පරිදිම පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරන ඔබාමා රජයේ හිටපු උප ජනපති ජෝ බයිඩන් අතර තරගය මේ වනවිට වඩාත් තීව්ර වී ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව ඊයේ (01දා) සහ අද (02දා) දිනයේදී ට්‍රම්ප් විසින් ප්‍රාන්ත 7ක රැලි 10ක්ද, ජෝ බයිඩන් විසින් පෙන්සිල්වේනියාවේ බ්ලැන්කට් හි අවසන් රැලියටද සහභාගී වන බව සඳහන් වෙයි.
ඇමෙරිකානු ජනාධිපතිවරණය නිල වශයෙන් හෙට (03දා) දිනයේ පැවැත්වූවද, මේ වනවිටත් ඇමෙරිකානුවන් මිලියන 92කට වඩා වැඩි සංඛ්‍යාවක් තැපෑලෙන් හෝ වේලාසනින් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, එය 2016 සමස්ත ඡන්ද ප්‍රතිශතයෙන් තුනෙන් දෙකක් නියෝජනය කරයි. සාපේක්ෂව සැසඳීමේදී මුලින් ඡන්දය ප්‍රකාශ කිරීම හා පුද්ගල ඡන්ද භාවිතය 2016 දී 41%ක් විය.
මේ අතර දැනට ප්‍රකාශිත ඡන්දවලින් වඩාත් උණුසුම් තරගයක් පවතින ප්‍රාන්තවල හිලරි ක්ලින්ටන් 2016 දී ලබාගත් ඡන්ද ප්රතිශයතට වඩා වැඩි ප්‍රතිශතයක් ජෝ බයිඩන් ලබාගෙන ඇති බව සඳහන් වෙයි. මේ තත්ත්වය තුළ මෙවර මැතිවරණය වඩාත් තරගකාරී වනු ඇති බව මැතිවරණ විශ්ලේෂකයෝ පවසති.
මෙවර ජනාධිපතිවරණයේ විශේෂත්වය වන්නේ එය නව කොරෝනා වසංගතයේ දරුණුතම පීඩාවන් මධ්‍යයේ පැවැත්වීමය. විශේෂයෙන්ම ඇමෙරිකාව මේ ආකාරයෙන් වසංගතය හමුවේ දණ ගැස්සවීමට ට්‍රම්ප් පාලනය හේතු වූ බවට දැඩි මතයක් පවතී. නමුත් ට්‍රම්ප් රටේ ආර්ථිකය පෙරට තබා රට නොවසා තබාගැනීම ගැන, වසංගතයට වඩා තම නිදහස අගයන ඇමෙරිකානුවන්ට අනුව හොඳ ක්‍රියාවකි. ඒ අනුව මේ වනවිටත් මැතිවරණයේ ජයග්‍රහණය කවරෙකු වෙත හිමිවෙනු ඇතිද යන්න පැහැදිලි නැත. ඒ තරමටම තරගය උණුසුම්ය.