එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්රටික් ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් අතර 2020 ජනාධිපතිවරණ අවසන් විවාදය නැෂ්විල්හිදී මේ වනවිට ආරම්භ වී තිබේ.
මැතිවරණ දිනයට දින 12කට පෙර පැවැත්වෙන මෙම අවසන් විවාදය වඩාත් තීරණාත්මක හා උණුසුම් එකක් වනු ඇති බව විචාරක මතයයි. මෙම අවසන් විවාදයේදී පාර්ශ්ව දෙක අතර බාධා කිරීම් වළක්වා ගැනීම සඳහා එක් අයෙකු කතා කරන විට අනෙකාගේ මයික්‍රෆෝනය නිවා දැමීමට කටයුතු කර ඇත්තේ, පෙර පැවති විවාදයේදී දෙදෙනො විසින්ම එකිනෙකාට බාධා කිරීම් වැඩිවූ නිසාය.
ට්‍රම්ප්ගේ නායකත්වය කොවිඩ්-19 වසංගතයෙන් බැටකෑ ඇමෙරිකානුවන් තුළ යළි ඔහු කෙරෙහි විශ්වාසය ඇති කිරීම ට්‍රම්පට ඇති ප්‍රබල අභියෝගයකි.
කෙසේ වෙතත් තමාටද වෛරසය ආසාදිතව පසුව ඉන් සුවය ලබා ස්ථාන කිහිපයකදී කිසිදු සෞඛ්‍යාරක්ෂණ උපක්‍රම භාවිත කිරීමකින් තොරව මැතිවරණ රැලි කිහිපයක්ද පැවැත්වූ ට්‍රම්ප්, සිය උපදේශකයන් සහ වෛද්‍ය විශේෂඥයන්ද අවඥාවට ලක්කරමින්, චීනයට නිරන්තරයෙන් දොස් පවරමින් සිය සුපුරුදු නිදහසට කරුණු මෙහිදීද දිගහරිමින් සිටින බව විදෙස් වාර්තා පවසයි.
මෙවර මැතිවරණයේදී ඇමෙරිකානු මාධ්‍ය භාවිතයද ට්‍රම්ප් හිතවාදී කඳවුර සහ බයිඩන් හිතවාදී කඳවුර ලෙස පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි අතර, විශේෂයෙන්ම සීඑන්එන් නාලිකාව ට්‍රම්ප් පතුරු ගසද්දී, ෆොක්ස් නාලිකාව බයිඩන් පතුරු ගසන ආකාරය ප්‍රකට කරුණක් වී තිබේ.