ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වැඩිමහලු පුත්‍රයා වන ට්‍රම්ප් ජූනියර් විසින් හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් නමැති මැලේරියා ඖෂධය කොවිඩ්-19 පාලනයට සුදුසු බවට වෛද්‍යවරු යැයි කියා ගන්නා පිරිසක් කතා කරන වීඩියෝවක් පළ කිරීම නිසා, ඔහුගේ ට්විටර් ගිණුම පැය 12කට අගුලු දැමූ බව ට්විටර් ඉන්කෝපරේෂන් පවසයි.
මිලියන ගණනක් නරඹා තිබූ මෙම වීඩියෝව, කොවිඩ්-19 වැරදි තොරතුරු පිළිබඳ නීතිරීති කඩකිරීම නිසා ෆේස්බුක් සහ යූටියුබ් සමාජ ජාලමගින්ද ඉවත් කිරීමත් සමග ට්විටර් සමාජ ජාලයෙන්ද එය ඉවත් කර තිබුණි.
කෙසේ වෙතත් ඇමෙරිකානු ජනාධිපතිවරයා තවමත් ඇමෙරිකාව තුළ වෛරසය පාලනය කිරීමට ඇති හොඳම විසඳුම හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් බවට මාර්තු මාසයේ සිටම පුන පුනා කියන්නේ, එය තමන් විසින්ද භාවිත කළ බව සඳහන් කරමිනි. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ඇමෙරිකාවේම සෞඛ්‍ය විශේෂඥයන් එය කොවිඩ්-19 සඳහා ප්‍රවර්ධනය නොකළ යුතු ඖෂධයක් බව අවධාරණය කරයි.
මෙවැනි පසුබිමක ඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 4,350,000ක සීමාවට පැමිණ ඇති අතර, වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාවද 150,000ක සීමාව කරා පැමිණ තිබේ.