කොවිඩ් -19 වසංගතය නිසි ලෙස හැසිරවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය අපොහොසත් වී ඇති බව එක්සත් ජනපදයේ හිටපු උප ජනාධිපති අල් ගෝර් පවසයි.
ඔහු රටේ ජනාධිපතිවරයා ලෙස අසමත් වී ඇති බවත්, විශේෂයෙන් මෙම අභියෝගයේදී, අනතුරු ඇඟවීම් නොසලකා හරිමින්, අත්තනෝමතිකව ක්‍රියාකරමින් සිටින බවත් බිල් ක්ලින්ටන් රජයේ හිටපු උප ජනාධිපතිවරයා අවධාරණය කරයි.
තමන් එවකට රටේ උප ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ කාලයේදී සෑම දිනකදීම බුද්ධි අංශ වාර්තාවක් සමග කටයුතු ඇරඹූ බව ඔහු සිහිපත් කරයි.
"රටට බරපතල අනතුරුදායක අවස්ථා පිළිබඳව දැඩි අනතුරු ඇඟවීමක් කළ අවස්ථා මා සිටි කාලයේ ඉතා ස්වල්පයක් පැවතියා. එවැනි අවස්ථාවක් ඇති සෑම අවස්ථාවකම අප ඒ දේවල් නවත්වා ගත්තා. FBI වෙතින් ලබාගන්න, CIA වෙතින් ගන්න, කවුරුන් හෝ සම්බන්ධ කර ගන්න. දැන් අප මේ ගැන ඉගෙන ගත යුතුයි" ගෝර් පැහැදිලි කළේය.
අනතුරු ඇඟවීම් මඟහැර තිබීමෙන් මෙන්ම, ව්‍යසනය මැඬපැවැත්වීම සඳහා ෆෙඩරල් රජයේ සම්පත් බලමුළු ගැන්වීම යන අවස්ථා දෙකම ට්‍රම්ප් පැහැර හැර ඇති බව අල් ගෝර් වැඩිදුරටත් පවසයි.
මේ අතර ඉතා ඉක්මණින් රට නැවත විවෘත කරන බවට ට්‍රම්ප් උදම් ඇනුවද, නැවත වරක් රට විවෘත කිරීම සඳහා වූ සූදානමක් තමන් නොදකින බව අල් ගොර් අවධාරණය කරයි.
නැවත බලයට පැමිණීම පමණක් කරපින්නාගෙන කටයුතු කරන ට්‍රම්ප්ගේ මෙම නොසැලකිලිමත් ක්‍රියාකලාපය හේතුවෙන් ඇමෙරිකානුවන් දහස් ගණනක් මියැදෙන බව වෛද්‍යවරු තමන් වෙත පවසා ඇතැයි අල් ගොර් පෙන්වා දෙයි. ජනාධිපතිවරයෙකු කළ යුතු දේ කරනවා වෙනුවට චීනය හෝ හිටපු ජනාධිපති ඔබාමාට හේ ඕනෑම කෙනෙකුට දොස් පැවරීම හැර ට්‍රම්ප් දන්නා දෙයක් නොමැති බවද අල් ගොර් අවධාරණය කරයි.