එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සිය බෑණාගේ පියා වන චාල්ස් කුෂ්නර් ඇතුළු මිත්ර පාක්ෂිකයන් රැසකට ඊයේ (23දා) දිනයේදී සමාව දී තිබේ.
මීට අමතරව ට්රම්ප් සිය 2016 මැතිවරණ ප්රචාරක සභාපති පෝල් මැනාෆෝර්ට් සහ දිගුකාලීන සගයා වන රොජර් ස්ටෝන් වෙතද ජනාධිපති සමාව දුන් බව ධවල මන්දිරය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.
ඒ අනුව සිය ධුරයෙන් නික්ම යෑමට පෙර ජනපති ට්රම්ප් විසින් මිත්ර පාර්ශ්වයේ 26 දෙනෙකුට මේ ආකාරයෙන් ජනාධිපති සමාව ලබාදී ඔවුන් දඬුවම්වලින් නිදහස් කර ඇත.
පසුගිය ජනාධිපතිවරණයේදී ජෝ බයිඩන් ජයග්රහණය කිරීම නිසා ඔහු එලැඹෙන ජනවාරියේදී ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.