වෛද්‍ය විශේෂඥයන් විසින් මුඛ ආවරණ පැලඳීමේ වැදගත්කම තක්සේරු කර මාස ගණනාවකට පසුව සහ එක්සත් ජනපදයේ තත්ත්වය අතිශය බැරෑරුම් වූ පසුබිමක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මුඛ ආවරණ පැලඳීම සම්බන්ධයෙන් පක්ෂව අදහස් දක්වා තිබේ.
සති කිහිපයකට පසුව එක්සත් ජනපදයේ ධවල මන්දිරය මගින් සංවිධානය කළ කොවිඩ්-19 වෛරසය පිළිබඳ දෛනික යාවත්කාලීන තොරතුරු රැගත් මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළකර සිටියේ කිසිදු වෛද්‍ය විශේෂඥයෙකුද එම ස්ථානයේ නොමැතිවය.
"ඔබ මුඛ ආවරණයට කැමති වුවත් නැතත් ඒවායින් බලපෑමක් තියෙනවා. ඒවායින් යම් ප්‍රතිඵලයක් පෙන්නුම් කරාවි. ඒ නිසා අපට ලබාගත හැකි සියලු දේ අප යොදාගත යුතුයි. මම එය සතුටින් භාවිත කරනවා." ට්‍රම්ප් වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් මුඛ ආවරණය මුල සිටම ප්‍රතික්ෂේප කළ ඇමෙරිකානු ජනාධිපතිවරයා නිසා ඔහුගේ අනුගාමිකයන්ද මුඛ ආවරණ ප්‍රතික්ෂේප කළ අතර, එය ඇමෙරිකාව තුළ වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීමට හේතු වූ බවට දැඩි චෝදනා පවතී.