එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ් -19 සඳහා අඛණ්ඩව දින කිහිපයක් සෘණාත්මක ප්‍රතිඵල පෙන්වා ඇති බව ධවල මන්දිරයේ වෛද්‍ය ෂොන් කොන්ලි පවසයි.
ජනාධිපති ට්‍රම්ප් විසින් ෆ්ලොරිඩාවේ ජනාකීර්ණ මැතිවරණ ප්රචාරක රැලියකට සහභාගී වන පසුබිමක වෛද්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.
"ජනාධිපතිවරයාගේ නවතම COVID-19 පරීක්ෂණ සම්බන්ධයෙන් කතා කළොත්, ඔහු අඛණ්ඩව දින කිහිපයක් කොවිඩ්-19 ප්‍රතිදේහ පරීක්ෂාවෙන් සෘණාත්මක ප්‍රතිඵල පෙන්වා තිබෙනවා. එසේම අතිරේක සායනික හා රසායනික දත්තවලින්ද ඒ බව තහවුරු වෙනවා." වෛද්‍යවරයා කීවේය.
එම අතිරේක දත්තවලට වෛරස ප්‍රමාණය, උපජානමය RNA සහ PCR චක්‍රීය ආදී මිනුම් ඇතුළත්ව ඇති බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් තවමත් වෛරසය ආසාදිතව දින 14ක් පසුකර නොමැති ජනාධිපතිවරයා මේ ආකාරයෙන් ජනතාව ඉදිරියට පැමිණීම ඔවුන්ද අනතුරේ හෙළීමක් බවට විවිධ වෛද්‍ය විශේෂඥයන්ගේද දෝෂ දර්ශනයට ලක්ව තිබේ.