එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අතිශය සමීප සහායිකාවක වන හෝප් හික්ස් නව කොරෝනා වෛරසය සඳහා ධනාත්මක බව පරීක්ෂා කර ඇතැයි විදෙස් වාර්තා අනාවරණය කරයි.
හික්ස් මෑතකදී ජනාධිපතිවරයා සමග කිහිප වතාවක් සංචාරය කළ අතර, පසුගිය අඟහරුවාදා ක්ලීව්ලන්ඩ් හි පැවති විවාදය අවස්ථාවට මෙන්ම, ට්‍රම්ප් මිනසෝටා හි මැතිවරණ ප්රචාරක රැලියකට යමින් සිටියදී බදාදා ජනාධිපතිවරයා සමග හෙලිකොප්ටරයට ගොඩවන ආකාරයද දැකගත හැකිවී තිබුණි.
31 හැවිරිදි වියේ පසුවන හික්ස් වෘත්තියෙන් නිරූපිකාවක වූ අතර, ඇය කාලයක් පුරා ජනාධිපතිවරයාගේ අතිශය සමූප සේවිකාවක ලෙස කටයුතු කරයි.
ඒ අනුව ඔවුන්ගේ සබඳතා මට්ටම මාධ්‍ය විසින් ප්‍රශ්න කරන විට ධවල මන්දිර ප්‍රකාශක ජඩ් ඩියර් ප්‍රකාශයක් නිකුත් කරමින් කියා තිබුණේ, "තමන් සහ ඇමෙරිකානු ජනතාව වෙනුවෙන් සහයෝගය දක්වන සෑම කෙනෙකුගේම සෞඛ්‍යය හා ආරක්ෂාව ජනාධිපතිවරයා ඉතා බැරෑරුම් ලෙස සලකනවා" යනුවෙනි. "මේ අවස්ථාවේදී ධවල මන්දිර මෙහෙයුම් වෛද්‍යවරයා සහ ධවල මන්දිර හමුදා කාර්යාලය සහයෝගයෙන් කටයුතු කරන අතර, සියලු සැලසුම් හා ක්‍රියා පටිපාටි වර්තමාන සීඩීසී මග පෙන්වීම සහ කොවිඩ්-19 නිරාවරණය සීමා කිරීම සඳහා වූ හොඳම භාවිතයන් ඇතුළත් කරමින් සිදුකරනවා" යැයි එහි වැඩිදුරටත් දැක්වුණි.
කෙසේ වෙතත් මුඛ ආවරණ සම්බන්ධයෙන් පවා වැඩි තැකීමක් නොකරන එක්සත් ජනපද නායකයා කොයි මොහොතේ හෝ වෛරසයට ගොදුරුවීමේ අවදානමක් පවතින බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ වනවිට එක්සත් ජනපදයෙන් සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 7,276,938ක් සහ මරණ 207,771ක් වාර්තා වෙයි.