ජපානයේ ටෝකියෝ නගරයේ බලධාරීන් විසින් නව කොරෝනා වෛරසය ආසාදිතයන් 239ක් ගෙවීගිය දිනයේ සනාථ කර ඇති බව ජපාන මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ජපානයේ අගනුවරින් අඛණ්ඩව ආසාදිතයන් 200ක් ඉක්මවා ගිය 6 වැනි දිනය ලෙස මෙය සැලකෙයි.
කෙසේ වෙතත් වෙනත් රටවල මෙන් දහස් ගණනක් ආසාදිතව මියයෑමක් ජපානයෙන් වාර්තා නොවුණද, මෙම නව ආසාදිත පොකුරු හෙවත් කොරෝනා දෙවැනි රැල්ලේ අවදානම හේතුවෙන් ටෝකියෝ බලධාරීන් විසින් සිය කොරෝනා වෛරස අනතුරු ඇඟවීම් ඉහළම මට්ටමට ගෙන තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව අද (27දා) උදෑසන වනවිට ජපානයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් 30,519ක් වාර්තා වන අතර, එරට සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 998කි.