කොවිඩ්-19 පැතිරීම මැඬපැවැත්වීම සඳහා ජපාන රජය ටෝකියෝ ඔලිම්පික් උළෙලට විදෙස් ප්‍රේක්ෂකයන්ට සහභාගී වීමට ඉඩ නොදෙන බවට එරට මාධ්‍ය වාර්තා පවසයි.
කෙසේ වෙතත් ඔලිම්පික් උළෙල සඳහා දිනපතා විදේශීය ප්‍රේක්ෂකයන් 2,000ක් බැගින් නියම කිරීමට ජපානය සැලසුම් කර ඇති බවටද එරට මාධ්‍ය විසින් මීට පෙර වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විධිමත් තීරණයක් ගැනීමට පෙර ජපානයේ ඔලිම්පික් සංවිධායක කමිටුව සහ එරට රජය විසින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සහ තවත් ආයතන දෙකක් සමග ලබන සතියේදී අතථ්‍ය සාකච්ඡාවක් කිරීමට බලාපොරොත්තු වන බවද එම මාධ්‍ය වාර්තාවල දැක්වුණි.
බොහෝ රටවල කොවිඩ්-19 වෛරසයේ වඩාත් බෝවන ප්‍රභේද හඳුනා ගැනීම සහ වසංගතය පිළිබඳව ජපාන මහජනතාව වැඩි වශයෙන් කනස්සල්ලට පත්වීම යන කාරණය නිසා විදේශයන්හි සිට පැමිණෙන ක්‍රීඩා ලෝලීන් පිළිගැනීම තවදුරටත් සුදුසු නොවන බව තීරණය කිරීමට ජපාන රජය තල්ලු වෙමින් තිබේ.