අධිකරණයට අපහාස කිරීමේ වරදට වසර හයක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියමවූ බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් තමන්වහන්සේට පැනවූ සිර දඬුවමට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙති.
උන්වහන්සේ වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි නීතිඥවරු මේ බව අධිකරණයට දැනුම් දුන්නේය. ඥානසාර හිමියන් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන අතර අධිකරණ නියෝගය අනුව උන්වහන්සේව අත්අඩංගුවට ගැනිම සඳහා පොලිස් කණ්ඩායමක්ද රෝහලට පිටත්ව ගොස් ඇත.