ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇමතිනි තලතා අතුකොරාළ මහත්මිය කරුණු පැහැදිලි කිරීමක් සිදුකොට තිබේ.
ඒ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කොට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්රි ධර්ම සභාවේ අනුනායක මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් විසින් එවන ලද ලිපියකට පිළිතුරු ලිපියක් අද (20දා) යොමු කරමිනි.
ඒ අනුව බෞද්ධ ශාසනය තුළ චීවරය ඉවත් කිරීමට තරම් පාරාජිකා තත්ත්වට පත්වීමෙන් ගනු ලබන ක්‍රියාමාර්ගයක් මෙන්ම ස්වකීය අභිමතය අනුවද චීවරය අත්හැරීම සිදුකළ හැකි බවත් කරුණු එසේ වුවද ස්වාධීන අධිකරණයක් තුළ රටේ සියලුම පුරවැසියන් වශයෙන් රටේ පවතින නීතියට අවනතව කටයුතු කිරීමට, අවනතවීමට, ගරු කිරීමට බැඳී සිටින බවත් හෙතෙම සඳහන් කරයි.
අධිකරණය මගින් දෙනු ලබන තීන්දුවක් තුළදී සිරභාරයට පත්වන ඕනෑම අයෙකුට බලපාන නීතිය බන්ධනාගාර පනතේ පැහැදිලිව සඳහන්ව ඇති බවත් ඒ අනුව එම දෙපාර්තමේන්තුව ක්‍රියා කර තිබෙන්නේ එම පනතට අනකූලව බවත් එම ලිපියෙන් පෙන්වා දී තිබේ.