පූජ්‍ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමිගේ වකුගඩුවේ තිබූ ගල ඉවත් කිරීමට පැයකට අධික කාලයක ශල්‍ය කර්මයක් සිදුකළ බව ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සඳහන් කරයි.
උන්වහන්සේ යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවද රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා ‘අද’ කළ විමසීමකදී සඳහන් කළේය.