ඇමෙරිකානු ප්‍රකෝටිපති ව්‍යාපාරික ජෙෆ් බෙසොස් අද (19දා) කියා සිටියේ තම සමාගම වන බ්ලූ ඔරිජින් හි සමාරම්භක අභ්‍යවකාශ චාරිකාවට සහභාගී වීමට පෙර තමා මහත් උද්යෝගයෙන් හා කුතුහලයෙන් සිටින බවයි.
ලොව ධනවත්ම පුද්ගලයා සහ බ්ලූ ඔරිජින් කාර්ය මණ්ඩලයේ තිදෙනෙකු බටහිර ටෙක්සාස්හි කාන්තාර භූමියකින් විනාඩි 11ක ගමනක් අභ්‍යවකාශයේ අද්දරට පියාසර කිරීමට නියමිතය.
අඩි 60ක් උස සහ පූර්ණ ස්වයංක්‍රීය රොකට්ටුවක් සහ කැප්සියුලය එකතුව මෙම අභ්‍යවකාශ යානය අභ්‍යවකාශ සංචාරක කර්මාන්තයේ තවත් වැදගත් සන්ධිස්ථානයක් නියෝජනය කරයි.
ටෙක්සාස් නගරයක් වන වැන් හෝර්න් නගරයෙන් පිටත සැතපුම් 20ක් දුරින් බ්ලූ ඔරිජින් හි යානය දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් යානය දියත් කෙරෙයි.
"මම නොසන්සුන්දැයි ජනතාව දිගින් දිගටම අසනවා. මම නොසන්සුන් තමයි. මම කලබල වෙලා. මට කුතුහලයක් තිබෙනවා. අප ඉගෙන ගැනීමට යන්නේ කුමක්දැයි දැන ගැනීමට මට අවශ්‍යයි" ඇමසෝන් නිර්මාතෘ බෙසෝස් පැවසීය.
"අපි පුහුණුවීම් කළා. මේ වාහනය සූදානම්. අපේ කාර්ය මණ්ඩලය සූදානම්. මේ කණ්ඩායම පුදුම සහගතයි" බෙසොස් පැවසීය. "අපට ඒ ගැන හොඳ හැඟීමක් දැනෙනවා."
82 හැවිරිදි පුරෝගාමී කාන්තා ගුවන් නියමුවරියක වන වොලී ෆන්ක් සහ 18 හැවිරිදි ඔලිවර් ඩේමන් මෙන්ම, ජෙෆ් බෙසොස්ගේ සහෝදරයා වන මාර්ක් බෙසෝස් මෙම සංචාරයට එක්වනු ඇත.
ඩේමන් යනු සමාගමේ මුදල් ගෙවා අභ්‍යවකාශ සංචාරයට සහභාගී වන පළමු වැනි පාරිභෝගිකයාය. ඔහුගේ පියා ආයෝජන කළමනාකරණ සමාගමක් වන සමර්සෙට් කැපිටල් පාර්ට්නර්ස් හි ප්රධානියාය.
බ්‍රිතාන්‍ය කෝටිපති ව්‍යාපාරික රිචඩ් බ්‍රැන්සන් තම සමාගම වන වර්ජින් ගැලැක්ටික් රොකට් යානයෙන් අභ්‍යවකාශයට ගොස් දින නවයකට පසු මෙම ගුවන් සිදුවෙයි.